ධර්ම දේශනා video / audio ආකාරයෙන් ශ්‍රවණය කිරීමට සහ download කිරීමට අවස්ථාව සලසා ඇත. ඇතැම් දේශනාවල අදාළ බුද්ධ දේශනාව කියවීමට සහ download කිරීමට අවස්ථාව සලසා ඇත

1. පින සම්පූර්ණ වන විට

මෙම දේශනාවේ සදහන් වන්නේ පින ක්‍රමානුකූලව රැස් කරන විට එයින් සැප උදාකරන ආකාරයයි. මෙලොව සැප, පරලොව සැප සහ සසර දුක නිමාකර නිවන් සැප උදාකර දෙන ආකාරයයි.

2. ලෝකයට අභය දෙමු

මෙම දේශනාවේ සදහන් වන්නේ පින ක්‍රමානුකූලව රැස් කරන විට එයින් සැප උදාකරන ආකාරයයි. මෙලොව සැප, පරලොව සැප සහ සසර දුක නිමාකර නිවන් සැප උදාකර දෙන ආකාරයයි.

3. දානමය සීලමය පින

මෙම දේශනාවේ දැක්වෙන්නේ දානමය පින සීලමය පින රැස් කිරිම සසරේ ආදීනව දැක එයින් නිදහස් වීමට උපකාර කරන ආකාරයයි.  

4. නිධිකණ්ඩ සූත්‍රය 1

මෙම දේශනාව සහ මීළඟ දේශනා 2 මගින් පින නිදානයක් ලෙස අනාගතයේ අපට උපකාර කරන ආකාරය දක්වා ඇත. (PDF File කියවන්න)  

5. නිධිකණ්ඩ සූත්‍රය 2

මෙම දේශනාවෙන් ශ්‍රද්ධාවට හානි නොවන ලෙස දන්පැන් දෙන ආකාරයත් සිල් රකින ආකාරයත් එයින් රැස්වන පින තමන් පසුපස පැමිණ සැප උදාකරන ආකාරය දක්වා ඇත.  

6. නිධිකණ්ඩ සූත්‍රය 3

මෙම දේශනාවෙන් පින මගින් කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා යෝනිසෝ මනසිකාරය ඇතිකරගෙන සමාධි, පටිසම්භිදා, අෂ්ඨ විමෝක්ෂ, මාර්ගඵල ආදි ලෝකෝත්තර කුසල ධර්මයන් උපදවා ගැනීම හා සසර දුකින් නිදහස් වීම විස්තර කර ඇත.  

7 නිවනට හේතුවන අමතර කරුණු

මෙම දේශනාවේ දුකින් මිදීමට පිනට අමතරව අවශ්‍ය කරන කරුණු උපමා ඇසුරෙන් ප්‍රකාශ කර ඇත. දුකින් මිදීමට ගන්නා උත්සාහයේ වටිනාකම දක්වා ඇත.    

8 චූල කම්ම විභංග සූත්‍රය 1

මෙම දේශනාව සහ මීළඟ දේශනාව මගින් සියලු දෙනාගේ දක්නාවූ විවිධත්වයට හේතුවෙන කර්මයේ ස්වභාවය දක්වා ඇත. එමෙන්ම ධර්මශ්‍රවණය නිසා තමන්ගේ ප්‍රඥාව මුහුකුරා යන ආකාරය දක්වා ඇත.  

9  චූල කම්ම විභංග සූත්‍රය 2

මෙම දේශනාව මගින් කර්ම විපාක විඳින අවස්ථාවල කෙලෙස් ඇතිවන ආකාරයත්, කර්මයෙහි ස්වභාවය තේරුම් ගැනීමෙන් එම අකුසලයන් රැස් නොවන ආකාරයත් පෙන්වා ඇත.   

10  කර්මය 1 

මෙම දේශනාවෙන් කර්මය මේ ජීවිතයේම කොටසක් විපාක දෙන ආකාරයත් තව කොටසක් ඊළඟ ජීවිතයේ විපාක දෙන ආකාරයත් ඉතිරි කොටස සසර පුරා අවස්ථාව ලද විට විපාක දෙන ආකාරයත්  දක්වා ඇත.  

11 කර්මය 2

මෙම දේශනාවෙන් සසරේ කළ අකුසල කර්ම විපාක දෙන විට දුක උදාවෙන ආකාරයත් කුසල් රැස් කරන විට එම අපහසුතා තුනීවන ආකාරයත් මතු ජීවිතවල එම කුසල කර්ම උපකාර වන ආකාරයත් දක්වා ඇත.  

12  කර්මය විපාක දෙන විට

මෙම දේශනාවෙන් සසරේ කරන ලද අකුසල කර්ම විපාක දෙන විට අප කටයුතු කලයුතු ආකාරය දක්වා ඇත. ‍ප්‍රයෝග සම්පත්තිය උපයෝගී කරගෙන අටලෝ දහමට කම්පා නොවී දහම් මඟ දියුණු කරන ආකාරය දක්වා ඇත.  

13  අනුන්ගේ කර්ම කරගැසීම 

මෙම දේශනාවෙන් කෙනෙක් සසරේ රැස්කළ අකුසල කර්ම විපාක තව කෙනෙකුගේ සිත තුල අකුසල් ඇතිකරන ආකාරය දක්වා ඇත. එමගින් අනිකාගේ කර්මය කර ගසන ආකාරය පෙන්වා ඇත.  

14  මහා ධම්ම සමාදාන සූත්‍රය 1

මෙම දේශනාව සහ මීළඟ දේශනාව මගින් මේ ජීවිතය කුමන ආකාරයෙන් ගතකලත් තමන් යෙදෙන ප්‍රතිපදාව අනුව පරලොව සැප දුක උදාවීම පෙන්වා ඇත.  

15  මහා ධම්ම සමාදාන සූත්‍රය 2

මෙම දේශනාවෙන් සතුටින් හෝ දුකින් හෝ කාය වචී මනෝ දුශ්චරිතය දුරු කරමින් කාය වචී මනෝ සුචරිතය පුරුදු කළහොත් සුගති සම්පත් උදාවීම හා නිවන් මගට උපකාර වීම දක්වා ඇත.  

16  සානුවාසි පේත වත්ථුව

මෙම දේශනාවෙන් සානුවාසි රහතන් වහන්සේ සසරේ රැස්කල පින් හා පව් අවසාන ජීවිතයේ විපාක දුන් ආකාරයත්, ඒ සියල්ල මැඩගෙන ධර්ම මාර්ගය දියුණුකර නිවනින් සැනසුනු ආකාරයත්, ඥාතී ප්‍රේතයන්ට පිහිටවූ ආකාරයත් දක්වා ඇත.  

17  අම්බසක්ඛර පේත වත්ථුව

මෙම දේශනාවෙන් ප්‍රේතයෙකු පින් අනුමෝදන්වී සැප උදාකරගත් ආකාරයත්, නිරයේ යෑමට සිටි කෙනෙක් රහතන් වහන්සේ නමක් වූ ආකාරයත්, සෙල්ලක්කාර ජීවිතයක් ගතකළ රජකෙනෙකු දමනය වූ ආකාරයත් දක්වා ඇත.  

18  සසර දුකින් නිදහස් වීම

මෙම දේශනාවෙන් සසරේ දුක් සහිත බව හා සසරෙන් නිදහස්වීමේ  අවශ්‍යතාවය පෙන්වන අතර, දුකින් නිදහස් වීමේ කැමැත්ත තියුණු වන විට රැස්වන පින නිවන පිණිස ම හේතු වෙන බව දක්වා ඇත.  

19  සීලය 

මෙම දේශනාවෙන් පසුතැවීම් වලින් තොරව සිල්පද ආරක්ෂා කරගෙන සීලය දියුණු කරගන්නා ආකාරය දක්වා ඇත. මෙමගින් සීලය ගැන ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට උපකාර ලැබෙනු ඇත.

20 සේදක සුත්‍රය

මෙම දේශනාවෙන් සතර සතිපට්ඨානය පුහුණු කිරීමෙන් තමන්වත් අනුන්වත් රකින ආකාරයත්- මෛත්‍රියෙන්, කරුණාවෙන්, ඉවසීමෙන්, හිංසා නොකිරීමෙන් අනුන්ව රකිමින් තමන්ව රකින ආකාරයත් දක්වා ඇත.

21 සේදක සුත්‍රය 2

සතර සතිපට්ඨානය පුහුණු කිරිමට ආරම්භයේදී අභිඤ්ඤාව දෝමනස්සය  ක්‍රමයෙන් දුරුකළ යුතුය. මෛත්‍රිය කරුණාව උපේක්ෂා ආදි ගුණධර්ම දියුණු කිරීමෙන් දෝමනස්සය දුරුකරන ආකාරය දක්වා ඇත.

22 පුණ්ණ සූත්‍රය 

මෙම දේශනාවෙන් පෙර සසරේ රැස්කළ අකුසල කර්ම විපාක නිසා භයානක වධබන්ධනයන්ට ලක් වන විට පවා මෛත්‍රිය පුරුදු කරමින් අනුන්ව රකින ආකාරයත්, එමගින් තමන්ව රකින ආකාරයත් දක්වා ඇත.

23 ඨාන සූත්‍රය

මෙම අතිශයින්ම වැදගත් දේශනාවෙන් ධර්මයේ හැසිරෙන ඕනෑම කෙනෙකුට පහසුවෙන් නූපන් ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගතහැකි ආකාරය දක්වා ඇත. එනිසා සියලු දෙනාම ඉවසීමෙන් යුතුව මෙම දේශනාව නැවත නැවත අසත්වා! 

24  ඨාන සූත්‍රය 2

මෙම දේශනාවෙන් ඨාන සූත්‍රයේ අඩංගු කරුණු තමන්ට ගැලපීමෙන් ත්‍රිවිධ දුෂ්චරිතය දුරුකර සිත පිරිසිදු කර තවදුරටත් ධර්ම මාර්ගය දියුණු කර ගැනීමට පසුබිම සකස් කරගන්නා ආකාරය දක්වා ඇත.

26 මහා පදාන සූත්‍රය 

මෙම දේශනාවෙන් විපස්සී බෝසතාණන් වහන්සේ සතර පෙර නිමිති දැක කලකිරී සංවේගය උපදවා ගැනීම දුකින් නිදහස් වන මාර්ගය සොයා යාමට හේතු වූ ආකාරය දක්වා ඇත.

27 සුකුමාල සූත්‍රය

මෙම දේශනාවෙන් අප මහ බෝසතාණන් වහන්සේ ජරාව, රෝගී වීම, මරණය ගැන සිහිකර කාය වචී මනෝ දුෂ්චරිතය මුළුමුනින්ම දුරු කර ගත් ආකාරය දක්වා ඇත.

28 දේවදූත සුත්‍රය

මෙම දේශනාවෙන් නිරයේදී යම රජු ඉපදීම, ජරාව, රෝගී වීම, වරදට දඬුවම් ලැබීම, මරණය  පිළිබඳ කරුණු විමසීම දක්වා ඇත. අප්‍රමාදය ගැන කරුණු දක්වා ඇත.

29 අජ්ඣත්ත බහිද්ධ වශයෙන් බැලීම 

මෙම දේශනාවෙන් ඨාන සූත්‍රයේ අඩංගු කරුණු  මුලින් තමන්ට ගලපා පසුව සියලුම දෙනාට ගලපන ආකාරය විස්තර කර ඇත. මේ ගැන ශ්‍රද්ධාව  ගැනීමේ වැදගත්කම දක්වා ඇත.

30 ඨාන  සූත්‍රය භාවනාවක් ලෙස (දෙවැනි පියවර)

ඨාන සූත්‍රයෙහි අඩංගු කාරණා 5 තමන්ට හා අනුන්ට ගලපමින් තවදුරටත් භාවනාව පුහුණු කිරීම කරන ආකාරය දක්වා ඇත. මෙම පියවර සිදුකළ යුත්තේ ඨාන සූත්‍රයේ භාවනාව   පළමු පියවර (අංක 25 සඳහන් පරිදි ) හොඳින් පුහුණු වීමෙන් අනතුරුවය. 

31 මහා සිහනාද සූත්‍රය 

මෙම දේශනාවෙන් ගති 5 ගැන විස්තරයක් දක්වා  ඇත. එමගින් මෙලොවට ඒම, පරලොව යාම, චුතිය, උප්පත්තිය (ආගති, ගති, චුති උප්පත්ති) ගැන පැහැදිලි වැටහීමක් ලබාගත හැක. එමගින් ඨාන  සූත්‍රය භාවනා වශයෙන් පුහුණු කිරීමට පහසුවෙයි.

32  500ක් තෙරණිවරුන් ගේ ගාථා

මෙම දේශනාවෙන් ථේරී ගාථා ඇසුරින් සසර ගමනේ ස්වභාවය විස්තර කර ඇත. සසරේ සත්වයින්ගේ තාවකාලික හමුවීම්වල හා වෙන්වීම් වල ස්වභාවය විස්තර කර ඇත. (PDF File කියවන්න)

33 තිංසමත්ත සූත්‍රය 

මෙම දේශනාවෙන් සසර ගමනේදී අපගෙන් වැගිරුණු රුධිරය මහා සාගරයේ ජලය ඉක්මවන බව පෙන්වා ඇත. සසරේ ආදීනව දැකීම තුලින් සසරින් නිදහස් වීමට ඇති කැමැත්ත සහ වීර්යය  වැඩිවන ආකාරයත් තෘෂ්ණාව දුරු වන ආකාරයත් දක්වා ඇත. 

34  කල්පය 

මෙම දේශනාවෙන් එක කල්පයක් කොතරම් දීර්ඝද යන්නත් සසර කොතරම් දීර්ඝද යන්නත් විස්තර කර ඇත. මෙම දීර්ඝ සසර ගමනේ අප විසින් බොහෝ දුක් විඳ ඇති බව දක්වා ඇත.

35 ඒක පුග්ගල සූත්‍රය 

මෙම දේශනාවෙන් එක පුද්ගලයකු එක කල්පයක් තුළ කොතරම් ජීවිත ලබනවාද යන කාරණය ද, මේ මහපොළොව සසර සැරිසරන සත්ත්වයන්ගේ සොහොන් බිම බව ද වැටහෙනු ඇත.

36 දුග්ගත – සුඛිත සූත්‍ර

මෙම දේශනාවෙන් සසරේ සැරිසරන සත්වයන් වරින්වර සැප විඳින ජීවිත ලබන ආකාරයත්, වරින්වර දුක්ඛිත ජීවිත ලබන ආකාරයත්, අප සියලු දෙනා සැප දුක සසරේ නැවත නැවත විඳ ඇති බවත් දක්වා ඇත. මේ සියල්ලම ස්ථිර දේවල් නොවන  බව දක්වා ඇත.

37 මාතා සූත්‍රය

මෙම දේශනාවෙන් මේ දීර්ඝ සසර තුළ තමන්ට මවක් නොවූ, පියෙක් නොවූ, සහෝදරයෙක් නොවූ, සහෝදරියක් නොවූ, පුතෙකු නොවූ, දුවකු නොවූ, සත්වයකු සොයාගැනීම දුර්ලභ බවත්, මේ සියලු දෙනා තමන්ට තාවකාලිකව යලි යලි හමුවී යලි යලි වෙන්වන බවත් දක්වා ඇත.

38  පොම්පේ සහ හසන්ලූ Pompeii and Hasanlu

මෙම දේශනාවෙන් අතීතයේ ඉතාලියේ පොම්පේ නුවර හා ඉරානයේ හසන්ලූ කුඩා නගරයේ සිදුවූ මහා විපත් දෙකක් විස්තර කර ඇත. මෙමගින් සසරේ ස්වභාවය දක්වා සසරේ ගමන් කරන විට අපටත් මෙවැනි විපත්වලට මුහුණ දීමට සිදුවන  බව දක්වා ඇත. 

39  ඝාතන සිද්ධි කීපයක්  Executions

මෙම දේශනාවෙන් දැක්වෙන්නේ අපට දැකගැනීමට ලැබෙන සමහර ඛේදජනක ඝාතන වලට හේතුවන කර්මවල ස්වභාවයයි. එමෙන්ම ඝාතනයන්ට ලක්වන පුද්ගලයන් තමන්ගේ කර්මය දුකසේ විදවන විට, තවත් පුද්ගලයන් අලුත් කර්ම රැස්කරන ආකාරයයි. දුක් විඳ විඳ, නව කර්ම රැස්කර කර සසරේ ගමන් කිරීම නිසරු දෙයක් බවත් වැටහෙනු ඇත.

40 වියට්නාම් යුද්ධයේ සිද්ධියක් Vietnam War Incident

මෙම දේශනාවෙන් අතීතයේ වියට්නාම් රට තුළ සිදුවූ යුද්ධයේදී අත්අඩංගුවට ගත් සැකකරුවකුට සිදු වූ සිද්ධියක් විස්තර කර ඇත. මෙමගින් සසර ගමනේ ඇති ආදීනවත්, කෙනෙක් තමන් සසරේ කළ අකුසලයක කර්ම විපාකය විදවන විට තව කෙනෙක් අලුත් අකුසල කර්ම රැස් කරන ආකාරයත් දක්වා ඇත.

41 උබ්බරී පේත වත්ථුව

මෙම දේශනාවෙන් අතීතයේ බ්‍රහ්මදත්ත නම් රජු මියගිය ශෝකයෙන් උබ්බරී බිසව ශෝකයෙන් හඬන විට සෘෂිවරයෙක් පැමිණ සසරේ ස්වභාවය දේශනාකල ආකාරය දක්වා ඇත. උබ්බරී බිසවට එවිට සිහිනුවණ ඉපදී ධර්මයේ හැසුරුණු ආකාරය මෙහි දක්වා ඇත.

42 අස්සු සුත්‍රය

මෙම දේශනාවෙන් සසරේ ස්වභාවය තව දුරටත් විස්තර කර ඇත. සසර ආදීනව නැවත නැවත සිහිපත් කිරීම තණ්හාව ක්ෂය විම පිණිස, සසර දුකින් නිදහස් වීම පිණිස හේතුවන ආකාරය දක්වා ඇත.

43  අනමතග්‍ග සංයුක්තයේ කරුණු භාවනාවක්  ලෙස 

අනමතග්‍ග සංයුක්තයේ සූත්‍රවල අඩංගු කරුණු නැවත නැවත සිහිපත් කරමින් භාවනාවක් ලෙස පුහුණු කිරීම කරන ආකාරය මෙහි දක්වා ඇත. මෙලෙස භාවනා කිරීම ධර්ම මාර්ගය දියුණු කරගැනීමට අතිශයින්ම උපකාරී වෙයි. 

44 සත්තිසත සුත්‍රය Saththisatha Sutta

මෙම දේශනාවෙන් සසරේ අප විසින් හෙල්ල පහරවල්, කඩු පහරවල් අනන්තවත් ලබා ඇති බවත්, සසරේ තවදුරටත් සැරිසැරුව හොත් අනාගතයේදීත් එවැනි දුක් රැසකට මුහුණදීමට සිදුවන බවත් සඳහන් කර ඇත. එසේම සසරේ ආදීනව දැක භාවනා කිරීමෙන් සිදුවන යහපත දක්වා ඇත.

45 වේපුල්ල පබ්බත සූත්‍රය Vepulla pabbatha Sutta

මෙම දේශනාවෙන් මෙම මහා භද්‍ර කල්පය තුළ සංස්කාර අනිත්‍යවී වෙනස්ව ගිය ආකාරය දක්වා ඇත. මෙම සංස්කාරවල සැනසිලි රහිත ස්වභාවය පෙන්වා ඇත. නිවනේ තිබෙන සැනසිලි ස්වභාවය දක්වා ඇත.

46 තාලපුට ථෙර ගාථා  Thalaputa Thera Gatha

මෙම දේශනාවෙන් තාලපුට මහරහතන් වහන්සේ සිත මුල්කරගෙන සසර ගමන යළි යළිත් සකස්වන ආකාරය දක්වා ඇත. සසරේ ආදීනව මෙනෙහි කර සිතේ තිබෙන අවිද්‍යාව බිඳ දමා සසර ගමන නිමා කළ හැකි ආකාරය දක්වා ඇත.  

47 උපසාල්හක ජාතකය Upasalhaka Jathakaya

මෙම දේශනාවෙන් බමුණකු මරණය ගැන සිතා බැලූ ආකාරයත් බුදුරජාණන් වහන්සේ එම බමුණා සිතූ ආකාරය නිවැරදි කර මාර්ග ඵල උදාකර දුන් ආකාරයත්  විස්තර කර ඇත.

48  කණ්හ පේත වත්තුව  Kanha Petha Wattuwa

මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ තම පුත්‍රයා මියගිය ශෝකයෙන් වෙලී සිටි බමුණකුට අතීත ජාතක කතාවක් දේශනාකර දුක තුනීකර මාර්ගඵල උදාකර දුන් ආකාරය දක්වා ඇත.

49  අරක සූත්‍රය  Araka Sutta

මෙම දේශනාවෙන් අතීතයේ අරක නම් ශාස්තෘවරයා ජීවිතය හා මරණය ගැන උපමා ආශ්‍රයෙන් විස්තර කළ ආකාරය පෙන්වා ඇත. මෙමගින් ජීවිතයේ ඇති තාවකාලික බව හා අස්ථිර බව වටහාගත හැකිය.

50 දුතිය මරණසති සූත්‍රය  Duthiya Maranasathi Sutta

මෙම දේශනාවෙන් භික්ෂූන්ට දහවල් හා රාත්‍රියේ මරණසතිය වඩන ආකාරයක් දක්වා ඇත. ඉන්පසු සිතේ පවතින අකුසල් ප්‍රහානය කිරීමට වීර්යය කරන ආකාරය දක්වා ඇත.